පුවත් සහ සිදුවීම්

 මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අප්‍රේල් 08 වැනිදා රැස්වේ  මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටු රැස්වීම කමිටුවේ ගරු සභාපති ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 08 වැනිදා ප.ව.2.00 ට මාතර දිස්ත්‍රික්...

ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ථේරවාදී ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර එය යුනෙස්කෝ ලෝක...

දළ විශ්ලේෂණය

             අපගේ දැක්ම

දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කිරීම තුළින් මාතර දිස්ත්‍රික් ජනතාවට කාර්යක්ෂම ව හා ඵලදායිව සේවා සැපයීම.

             අපගේ මෙහෙවර

ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කරමින් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට අදාළ සියලු පාර්ශවයන්ගේ සහයෝගය ඇතිව ප්‍රශස්ත ලෙස සම්පත් ප්‍රයෝජනයට ගෙන සංවර්ධන ක්‍රියාවලීන් මනාව මෙහෙයවීම තුළින් ජනතා ශුභසිද්ධිය සැලසීම.

දර්ශනීය මුහුදු තීරයකින් හා ස්වභාව සෞන්දර්යෙන් පිරි සාඩම්බර  ඉතිහාසයකට උරැමකමි කියන මාතර දිස්ත්‍රික්කය දක්ෂිණ ලංකාවේ  ගාල්ල හා හම්බන්තොට  දිස්ත්‍රික්කයන්ට මැදිව පිහිටි සරු සාර ප්‍රදේශයකි. උතුරු අක්ෂාංශ අංශක 5.8 සහ 6.4 අතරත් නැගෙනහිර දේශාංශ 80.4 සහ 81.7 අතරත් මෙම දිස්ත්‍රික්කය පිහිටා ඇත. ව.කි.මී. 1282.5 ක් හෙවත් හෙක්ටයාර් 128 250 ක  භූමි ප්‍රමාණයක වපසරියකින් යුත් මාතර දිස්ත්‍රික්කය වෙරළබඩ සිට මීටර් 1158 දක්වා නැගීමක් පෙන්නුම් කරන අතර  කදුකරයේදී  මහේශාඛ්‍ය සිංහරාජ වනාන්තරයෙන් හා ආකර්ශනීය දිය ඇළි වලින් සමන්විත ‍වේ.  ලක්බිම් මුඵ බිම් ප්‍රමාණයෙන් 1.96% ක් වන මෙම දිස්ත්රි ක්කය දකුණු පලාතෙන් 23.14 ක් පමණ වේ.


දකුණින් දර්ශනීය මුහුදු තීරයකින්ද , උතුරින් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ගෙන්ද ,  බටහිරින් ගාල්ල දිස්ත්‍රික්කයේ  හබරාදුව, ඉමදුව, යක්කලමුල්ල, තවලම, නෙඵව යන ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයන්ගෙන්ද , නැගෙනහිරින් හම’බන්තොට දිස්ත්රිදක්කයේ ඕකේවෙල , බෙලිඅත්ත, කටුවන, වලස්මුල්ල සහ තංගල්ල ප්රා්දේශීය ලේකම් කොට්ඨාශයන්ගෙන්ද මායිම් මාතර දිස්ත්‍රික්කය පිහිටා තිබේ.


මාතර දිස්ත්රිමක්කයට කි.මී. 55 ක් දිග දර්ශනීය වෙරළ තීරයක් හිමිව ඇත. එය දික්වැල්ල නිල්වැල්ල  සිට වැලිගම මිදිගම දක්වා විහිදී තිබේ. මෙම වෙරළෙන් 85% ක් පමණ නිරිතදිග මෝසම් සුළං හමන රටාවට ලම්බාකාර පිහිටා ඇත. මාතර දිස්ත්‍රික්කය  මහද්වීපිත තටාකයේ පළල කි.මි. 7 ක් පමණ වේ. මේ හැරුණු විට දකුණේ සිට රට අභ්‍යන්තරයට සිංහරාජ අඩවිය දක්වා කි.මී. 64 ක පමණ විහිදීමක් ඇත.


මාතර දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 කින් සමන්විත වන අතර ග්‍රාම නිලධාරි කොට්ඨාශ 650 කට බෙදා  වෙන් කර  ඇත.

 
දේශගුණික රටාව මාතර දිස්ත්‍රික්කය දේශගුණික කලාප අනුව බලන කල පහත රට තෙත් කලාපයට අයත්ය. දිස්ත්‍රික්කයේ දේශගුණික රටාව දිවයිනේ සාමාන්‍ය තත්ත්වය හා සමානව පවති. දිස්ත්‍රිතක්කයේ මාසික උෂ්ණත්වය ඉහල අගයක් ගනුයේ පෙබරවාරි ,මාර්තු හා අප්‍රේල් යන මාස වලදීය.  නමුත් අඩුම උෂ්ණත්වය පවතින නොවැම්බර් හා දෙසැම්බර් කාලය හා සසදන විට උෂ්ණත්වයේ විචලතාවයක් දක්නට නොමැත. දශක තුනක උෂ්ණත්වය සාමාන්යා ගත්විට සෙන්ටිග්‍රේඩ් අංශක 26.7 ක් පමණ වේ.

ඓතිහාසික තොරතුරු රාවණා යුගය තෙක් දිවෙන ඉතිහාසයකට උරුමකම් කියනු ලබන මාතර  පුරවරය කුලවතුන්ගේ  මගධය ද, ධනවතුන්ගේ තක්සලාව ද වශයෙන් සිංහල මහාවංශයේ කතුවරයා විසින් හදුන්වා දෙනු ලබන්නේ මහත් ගෞරවයෙනි. මෙම  ප්‍රදේශය අතීතයේ රාජකීයයන්ගේ නිජබිමක් වුවා පමණක් නොව ශාස්ත්‍රීය කටයුතු අතින්ද ප්‍රමුඛත්වය ගෙන තිබී ඇත. 18 වන ශත වර්ෂයේ  අග භාගයේ සිට 19 වන ශත වර්ෂය මුල් භාගය දක්වා වු මාතර සාහිත්‍ය යුගයේ ධර්ම ශාස්ත්‍රීය කේන්ද්‍රස්ථානයක් වශයෙන් මාතර ප්‍රදේශය ප්‍රචලිත විය.

 
උගතුන්ගේ දේශාටකයින්ගේ, කවීන්ගේ ඉමහත් ප්‍ර‍සාදයට ලක් වු ඉතිහාසයේ, මාතොට, නමින් හැදින්වු නගරය පසුව, “මාතොට” වී, මාතර යනුවෙන් ජනවහරට එක් විය.
විජයවතරණයට පෙර සිට මාතර නාග ගෝත්‍රික බලය පැවැති පෙදෙසක් බවට පුරා විද්යානත්මක සාක්ෂි ඇසුරින් තහවුරු වී ඇත. එකල රුහුණුට පලා ගිය මුටසීව රජු මහානාම කුමරු ආදීන් නාග ගෝත්රිකකයන් බවට පෙන්නුම’ කර ඇත. එමෙන්ම දැනට ව්ය වහාරයේ පවතින නාවිමන, නාදුගල, නායිම්වල, නාඔටුන්න, නාරද්ද වැනි ගම්වල නාග ගෝත්රිවකයින්  වාසය කළ බව ඉතිහාසයේ සදහන් වේ.

රුහුණු ප්‍රදේශයේ ඡන්ම ලාභය ලත්  දප්පුල රජු මාතර ජනතාව අතර දාපුඵසෙන් නමින් ප්‍රසිද්ධියට පත්වු බව ඉතිහාසයේ සදහන් ‍‍වේ. මහා විජයබාහු රජු ද,  මාතර ප්‍රාදේශයේ  ජිවත්ව සිට ඈපා පදවි ලද බවට තොරතුරු හෙළි වේ.

 
වැලිගම ප්‍රදේශයේ පිහිටි කප්පරතොට විදේශකයින්ගේ  වෙළද යාත්‍රා නැංගුරම් ලා තිබු වරායක් වශයෙන් ද , වැලිගම අග්‍රබෝධි විහාරය දේවානම් පියතිස්ස සමයේ කරවන ලද්දක් බවට ද පැරණි පොත පතෙහි සදහන් වේ. එසේ ම මාතර නගරයේ පිහිටි හත්බෝධි වත්ත හා මාතර බෝධිය, කුමාරදාස රාජ්‍ය සමයේ ගොඩ නගන ලද්දකී. මේ අයුරින් බලන කල මාතර පුරවරය මහත් අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියයි.

ශ්‍රී ලංකාව විදේශීය ආක්‍රමණ වලට ගොදුරු ව පැවති අවධියේ පෘතුගීසින් විසින් අගනා වාණිජ මධයස්ථානයක් වශයෙන් මාතර හදුනා ගෙන තිබු අතර, කෝට්ටේ රාජධානියට අයත් විශාලතම හා සමෘද්ධිමත් කලාපය වු “ මාතර දිපවානිය ” නමින් ද හැදින්වීය.  එවකට සිට එකම සිංහල දිසාපතිවරයා වුයේද දොන් ප්‍රනාන්දු සමරකෝන් නැමති මාතර දිස්ත්‍රික්කයේ උපත ලද ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි.
18 වන ශත වර්ෂයේ  අප රට ලන්දේසි පාලනයට යටත් වු පසු,  මුහුදුබඩ පළාත් ගාල්ල, කොළඹ, යාපනය වශයෙන් කොට්ඨාශයට මාතර ද අයත්වු අතර, පරිපාලන පහසුව සදහා නැවත මාතර ආදායම් පාලක කොට්ඨාශ 05 කට  බෙදා වෙන් කරන ලදි.


1789 දී මුහුදු බඩ පාලනය ද, 1815 දී උඩරට පාලනය ද නතුකර ගත් ඉංශ්රීකසින් විසින් ප්‍රාදේශීය පාලනයේ පහසුව සදහා සෑම පළාතක්ම දිස්ත්‍රික්ක කිහිපයකට බෙදා උප ඒජන්තවරයෙක් යටතට පත් කරන ලදි. 1890 පමණ වන විට පළාත් ඒජන්තට වග කියන උප ඒජන්ත සහාය වීමට දිස්ත්‍රික්කය, පරිපාලන කොට්ඨාශ 5 කට බෙදා මුදලිවරු පත්කරන ලදි.


මේ අන්දමට විදේශිකයින් පාලන කටයුතු ගෙන යාමේදි පාලන මධයස්ථානයක් වශයෙන් මාතරට  ලබා දී  තිබු වැදගත්කම එම කාලයේ සිට පැවත එන නෂ්ඨාවශේෂ වලින් නුතන යුගයේ ද දැකගත හැකිය. පෘතුශීසින් විසින් තනන ලද මාතර  කොටුව, ලන්දේසීන් විසින් තනන ලද මාතර දිස්ත්‍රික්කයේ මාතර අභිමානවත් ඉතිහාසය ගෙන හැර පානු ලැබේ.


මාතර දිස්ත්‍රික්කය තුල පිහිටි චිත්තාකර්ෂණිය ස්ථාන නුතන යුගයේ ද සංචාරකයින්ගේ පාරාදීසයක් වී ඇත. උමං විහාරය හා විශිෂ්ඨ  බිතු සිතුවම් සහිත වෙහෙරහේන, වැවුරුකන්නල පුරාණ විහාරය, දෙවිනුවර හා ගැටබරු දේවාල,  මාතර බෝධීන් වහන්සේ ඓතිහාසික උරුමයන් අතර සමහරකී. මාතර පුරවරය දේශමාමකත්වයෙන්  ජාතිවාත්සල්‍යයෙත්, ආගමික භක්තියෙන් පිරිපුන් උදාරතර ජන කොටසකගේ නිජබිම ‍ වේ.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ නාම ලේඛනය

අනු අංකය

නම සිට දක්වා
1 සී.පී. ලෙයාර්ඩ් 01.10.1851 19.02.1879
2 ෆෙඩ්රික් රිචර්ඩ් සවුන්ඩර්සන් 19.02.1879 18.10.1890
3 ඔගස්ටින් රෝලින්ස් ඩවුසන් 18.10.1890 20.09.1897
4 ෆ්‍රැන්සිස් රොබර්ට් ඵල්ලිස් 20.09.1897 01.03.1902
5 ජෝර්ජ් ම්‍රික් ෆවුලර් 01.03.1902 01.12.1905
6 හෙන්රි ලෙ‍යිටෝන් ක්‍රෝෆෝඩ් 01.12.1905 11.07.1907
7 ලෙනාඩ් විලියම් බුත් 11.07.1907 16.04.1908
8 හෙන්රි විලියම් ෆෙඩ්රික් 16.04.1908 28.02.1909
9 චාලිස් තෝමස් ඩො‍යින් විගෝස් 28.12.1909 01.01.1911
10 ඵච්.ඩබ්ලිව්.ඵෆ්. කොටින්හැම් බ්‍රෝඩ්හර්සට් 01.01.1911 04.01.1912
11 ජෝන් ජෝර්ජ් ‍‍ෆ්රේසර් 04.01.1912 02.02.1913
12 ආතර් සැම්සොන් පෑග්ඩන් 02.02.1913 12.08.1913
13 හර්බට් රේනර් ෆ්රීමන් 12.08.1913 22.07.1914
14 ජෝන් ජෝර්ජ් ‍‍ෆ්රේසර් 22.07.1914 04.12.1915
15 ‍හෝවර්ඩ් ඔර්මි ෆොක්ස් 04.12.1915 15.04.1916
16 ජෝන් ජෝර්ජ් ‍‍ෆ්රේසර් 15.04.1916 01.12.1923
17 රොබර්ට් නීමන් තයින් 01.12.1923 09.01.1929
18 එඩ්වර්ඩ් ටර්නර් මිලින්ටන් 09.01.1929 31.03.1931
19 වෙඩ්ඩර්බර්න් මැක්ස්වෙල් මැක්ලගන් 31.03.1931 07.04.1932
20 මාර්කස් මිබර්න් 07.04.1932 26.07.1937
21 හොබ්ඩේ විල්ෆ්‍රිඩ් අර්නස්ට් 26.07.1937 06.11.1939
22 ස්ටිවන්ස් විලියම් ඔස්වර්ල්ඩ් 06.11.1939 01.08.1940
23 හොබ්ඩේ විල්ෆ්‍රිඩ අර්නස්ට් 01.08.1940 28.01.1946
24 කුමාරස්වාමි වේලුපිල්ලේ 28.01.1946 15.12.1947
25 ඩැනියල් රෙජිනෝල්ඩ් යන්ග් 15.12.1947 04.02.1948
26 කුමාරස්වාමි වේලුපිල්ලේ 04.02.1948 04.10.1949
27 එල්.එල්. හන්ටර් 04.10.1949 02.12.1949
28 ඩබ්. හෝම්ස් 02.12.1949 10.07.1950
29 බී. එස්. පෙරේරා 10.07.1950 09.10.1950
30 ඩබ්. හෝම්ස් 09.10.1950 07.07.1951
31 අාර්.ඒච්. ඩී. මැන්ඩර්ස් 01.10.1951 30.09.1952
32 ජී. පී. තම්බයියා 23.10.1952 22.04.1954
33 වී.එස්.එම් ද මැල් 22.04.1954 13.07.1957
34 ඒ.එස්.කොහොඹන් වික්‍රම 19.07.1957 25.09.1957
35 ජී.පී. තම්බයියා 01.10.1957 13.10.1964
36 බී.එච් ද සොයිසා 01.11.1964 30.06.1965
37 වී.ඩී.වී. මහත්නතිල 01.07.1965 30.01.1968
38 පාලිත ඊ වීරමන් 01.02.1968 30.06.1968
39 ඩී.ආර්.උමගලිය 01.07.1968 03.07.1970
40 ඩන්කන් වී ද අල්විස් 04.07.1970 31.05.1975
41 එම්. ඩබ්ලිව් අමරෙස්කර 01.06.1975 04.10.1978
42 එන්.එම්.ඒ.නවරත්න 05.10.1978 31.05.1987
43 විමලධර්ම ඒකනායක 01.06.1987 31.12.1989
44 ටී.කේ. දසනායක 01.01.1990 16.04.1990
45 සනත් ආර්. වීරකෝන් 17.04.1990 27.10.1999
46 ඩබ්ලිව් කේ.කේ.කුමාරසිරි 28.10.1999 23.12.2001
47 ජී.ඒ.ජේ සිල්වෙස්ටර් 24.12.2001 10.01.2011
48 ඒස්. හපුආරච්චි 11.01.2011 27.09.2011
49 එච්. ටී. කමල් පත්මසිරි 14.11.2011 12.09.2015
50 සුනිල් කන්නංගර 09.11.2015