செய்தி மற்றும் நிகழ்வுகள்

නිල්වලා සුභාවිත ගී දැහැන පෙබරවාරි 23 වැනිදා මාතර රුහුණ විශ්ව විද්‍යාලීය රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුබසාධක සංගමයට අධාර පිණිස සංවිධානය කරනු ලබන නිල්වලා සුභාවිත ගී දැහැන...

මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පෙබරවාරි 13 වැනිදා රැස්වේ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටු රැස්වීම කමිටුවේ සභාපති මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 13 වැනිදා පෙ. ව. 9.30 ට...

රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙලේ දෙවන අදියර යටතේ උපාධි ධාරීන් 16800 දෙනෙකු සඳහා උපාධිධාරී අභ්‍යාසලාභී පත්වීම් ලබා දෙන අතර ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ උපාධීධාරීන් 1148 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම ඊයේ (31) දින මාතර - නූපේ සණස ශාලාවේ දී සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි. මාතර දිස්ත්‍රික්කයේ මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 183 දෙනෙකු, දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 59 දෙනෙකු, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 55 දෙනෙකු, මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 40 දෙනෙකු, හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 65 දෙනෙකු, දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 68 දෙනෙකු, මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 95 දෙනෙකු, වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 63 දෙනෙකු, කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 78 දෙනෙකු, කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 81 දෙනෙකු, අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 80 දෙනෙකු, පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 79 දෙනෙකු, පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 66 දෙනෙකු, අතුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 47 දෙනෙකු, වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 48 දෙනෙකු, කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 41 දෙනෙකු වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 1148 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය සිදු කරන ලදි.
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ මෙම පත්වීම් ප්‍රදානය සිදු කළ අතර පත්වීම්ලාභීන් වසරක පුහුණු කාලයකින් පසුව ස්ථීර කිරීමට නියමිත ය.අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා හා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයින්, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ පත්වීම්ලාභීන් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

රුපියල් මිලියන 1200 ක් වැයකර ඉදිකරන මාතර නව අධිකරණ සංකීර්ණය

කඩිනමින් ජනතා අයිතියට

රුපියල් මිලියන 1200 ක් වැය කරමින් ඉදි කරන මාතර නව අධිකරණ සංකීර්ණය ඉතා කඩිනමින් ජනතා අයිතියට පත්කිරීමට පියවර ගන්නා බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාතර කොටවිල ප්‍රදේශයේ ඉදි කරමින් පවතින නව අධිකරණ සංකීර්ණයේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වූ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

මෙහි දී ඇමැතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ මාතර අධිකරණ සංකීර්ණයේ රාජකාරී සඳහා සහභාගි වන නීතිඥවරුන්ට අවශ්‍ය කාර්යාල පහසුකම් ලබාදීමට අවශ්‍ය නීතිඥ සංකීර්ණය මාස තුනක් වැනි කාලයක දී නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. ඒ සඳහා අවශ්‍ය ඉඩම් නිසි පරිදි නීතිඥ සංගමය වෙත පවරා දෙන ලෙස ද උපදෙස් ලබා දෙන ලදි.

ඇමැතිවරයා මෙසේ ද පැවසී ය.

රුපියල් බිලියන එකයි දශම දෙකක් වියදම් කර ඉදි කර ඇති මාතර නව අධිකරණ සංකීර්ණය ඉතා කඩිනමින් ජනතා අයිතියට පත් කිරීම සිදු කළ යුතුයි. ගොඩනැගිලි ඉදි කර ඇති ආකාරය ඉතා හොඳයි. මේ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමට ඇති බාධා ඉවත් කරගෙන එය විවෘත කළ යුතුව තිබේ. විශේෂයෙන්ම නීතිඥවරුන් සඳහා කාර්යාල පහසුකම් නොමැතිකම ගැටලුවක් බවට පත්ව ඇත. ඒ අනුව වහාම නිතීඥරුන් 195 දෙනෙකුට අවශ්‍ය කාර්යාල ගොඩනැගිලි ඉදි කිරීම සඳහා ඉඩම ලබා දෙන ලදි. ඔවුන් මාස තුනකදී කාර්යාල සංකීර්ණය ඉදි කර අවසන් කිරීමට එකඟ වී තිබේ. මේ අධිකරණ සංකීර්ණයේ ඉතිරි වැඩ අවසන් කර ජනතා අයිතියට කඩිනමින් පත් කළ යුතුයි. මාතර ජනතාවට අවශ්‍ය අනෙකුත් පහසුකම් මේ ස්ථානයේ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන අතර අධිකරණය අවට ජනතාවට උපරිම ආකාරයේ ප්‍රයෝජන ලබා ගත හැකි ආකාරයෙන් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. මේ අධිකරණ සංකීර්ණය ඉදි කර තියෙන්නේ ඉතා විශාල මුදලක් වියදම් කරලයි. ඒ නිසා ජනතා මුදල්වල ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට ලබා දිය යුතුයි.

නව බන්ධනාගාරයක් සඳහා අවශ්‍ය අක්කර හයක බිම් ප්‍රමාණයක් ලබා දී තිබේ. 2021 අයවැයෙන් ඒ සඳහා මුදල් කෙරේ. දැන් මෙතන බිලියන එකයි දශම දෙකක් වැය කර තිබේ. බන්ධනාගාරයයි උසාවියයි සියල්ල ඉදි කරන්න අවශ්‍යයි. පියවරින් පියවර ඒ වැඩ කටයුතු ඉටු කර දීමට බලාපොරොත්තු වේ.

මෙයට යාබදව ඇති කුණු කන්ද නිසා මේ ප්‍රදේශයේ දුගඳ හමන තත්ත්වයකට පත් වෙලා තිබේ. උසාවිය විවෘත කළායින් පසුවත් මේ තත්ත්වය එහි කටයුතුවලට බාධාවකි. නමුත් මේ කුණු ප්‍රශ්නය මාතර විතරක් නෙමෙයි බදුල්ලේත් මේ ප්‍රශ්නය තිබේ. මේක මුළු ලංකාවේ ම තිබෙන ප්‍රශ්නයකි. අපේ රජය මගින් ඉදිරියේ දී කැළි කසළ කළමනාකරණය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත. විද්‍යාත්මක ලෙස මේ කැළි කසළ ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා ජාතික සැලැස්මක් අවශ්‍යයි.

අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, අමාත්‍යංශ ලේකම් ජේ .ජේ රත්නසිරි මහතා සහ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පෙබරවාරි 13 වැනිදා රැස්වේ

මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටු රැස්වීම කමිටුවේ සභාපති මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 13 වැනිදා පෙ. ව. 9.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්වේ.

මෙහි දී උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන, මාර්ග කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන, රැකියා ලක්ෂයේ වැඩසටහන, වාරි සෞභාග්‍යය වැඩසටහන, ගමට ගෙයක් නිවාස ව්‍යාපෘතිය, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ගැටලු සහ යෝජනා, මාතර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනයන්හි සංවර්ධන ප්‍රගතිය හා  සමෘද්ධී සංවර්ධන වැඩසටහන, මාතර - කතරගම දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, මාතර නගර සංවර්ධනය, දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය, කෘෂිකර්ම / ඉඩම් / වාරිමාර්ග / සත්ත්ව පාලන කටයුතු, මාර්ග සංවර්ධන කටයුතු, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සංවර්ධන කටයුතු, මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන කටයුතු, නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන නිවාස සංවර්ධන ව්‍යාපෘති, දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ කටයුතු, පළාත් පාලන කටයුතු, ප්‍රවාහන කටයුතු, ධීවර සංවර්ධන ව්‍යාපෘති, ජල සම්පාදන, විදුලිය සංවර්ධන කටයුතු, කර්මාන්ත සංවර්ධනය, තැපැල් / විදුලි සන්දේශ, ජාතික තරුණ සේවා සභාවේ හා වෘත්තීය පුහුණු අධිකාරියේ ක්‍රියාත්මක තත්ත්වයන් ආදිය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ය.

මේ අවස්ථාව සඳහා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, ප්‍රාදේශීය සභා නියෝජිතයින් ඇතුළු ජනතා නියෝජිතයින් සහ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වේ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ක්‍රමසම්පාදන අංශය රැස්වීම සංවිධානය කරයි.

 

මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා 2020 – 2025 උපායමාර්ගික සැලැස්ම සකස් කෙරේ

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාවලිය විධිමත් පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ ක්ෂේත්‍ර වලට අදාළව 2020 – 2025 සඳහා උපායමාර්ගික සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ මගපෙන්වීම යටතේ කටයුතු කෙරේ. ඒ අනුව කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළව සංවර්ධන උපායමාර්ගික සැලැස්ම සකස් කිරීම මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විවිධ අංශ වලට අදාළව දැනට පවතින තත්ත්වය හා ගැටළු පිළිබඳව ද අවධානය යොමු කරමින් ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම සිදු විය.

පොල් වගාව වෙනුවෙන් පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් පර්යේෂණ ආයතනය, වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, පොල් සංවර්ධන අධිකාරිය, වෙළඳ හා වාණිජ මණ්ඩලය, දකුණු පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙහි දී දායකත්වය සපයන ලදි.

තේ වගාව වෙනුවෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, තේ පර්යේෂණ ආයතනය, කුඩා තේ සහ රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතිය, ජාතික පොහොර ලේකම් කාර්යාලය, දකුණු පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් අංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පහතරට වැවිලි කරුවන්ගේ සංගමය, අමු තේ දළු එකතු කරන්නන්ගේ සංගමය, කුඩා තේ වතු හිමියන්ගේ සංගමය, තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය හා පුද්ගලික තේ සංගම් සහාය විය.

අපනයන කෘෂි භෝග වෙනුවෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කුරුඳු පර්යේෂණ ආයතනය, කාර්මික සංවරධන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය දායක විය.

වී වගාව වෙනුවෙන් දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, පහතරට වී පර්යේෂණ ආයතනය, බීජ සහතික කිරීමේ සේවය, බීජ හා රෝපණ ද්‍රව්‍ය කාර්යාලය, වී පර්යේෂණ ආයතනය, ජාතික පොහොර ලේකම් කාර්යාලය, කෘෂි රක්ෂණ මණ්ඩලය, ජලජීවී වගා ව්‍යාපෘති කාර්යාලය, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කලාප වාරිමාර්ග කාර්යාලය හා දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලය සහාය දැක්වී ය.

රුහුණ විශ්ව විද්‍යාලයීය කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කෘෂිකර්ම අංශය හා ක්‍රමසම්පාදන අංශය වැඩසටහන සංවිධානය කරන ලදි.

නිල්වලා සුභාවිත ගී දැහැන පෙබරවාරි 23 වැනිදා මාතර රුහුණ විශ්ව විද්‍යාලීය රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුබසාධක සංගමයට අධාර පිණිස සංවිධානය කරනු ලබන නිල්වලා සුභාවිත ගී දැහැන දෙවන ප්‍රසංගය 2020 පෙබරවාරි 23 ඉරිදා දින සවස 6.30 ට මාතර රුහුණ විශ්ව විද්‍යාලීය රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මෙම ගී දැහැන සඳහා ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතා, ප්‍රවීණ ගායන ශිල්පී කරුණාර්න දිවුල්ගනේ මහතා සහ ප්‍රවීණ ගායන ශිල්පිනී ශෂිකා නිසංසලා මහත්මිය ගායනයෙන් දායක වෙති. සංගීතය සැපයීම සංගීත විශාරද මනෝජ් පීරිස් මහතා ප්‍රමුඛ වාද්‍ය වෘන්දය මගින් සිදු කරනු ලබන අතර ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ මහතා නිවේදන කටයුතු සිදු කරයි.

මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සංකල්පයක් අනුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුබසාධක සංගමය මගින් නිල්වලා සුභාවිත ගී දැහැන දෙවන සංගීත ප්‍රසංගය සංවිධානය කරයි.

உட்பிரிவுகள்

ඉදිරි වැඩසටහන සැප්තැම්බර් මාසය - 2018                                                    

දිනය

 ඉටුකිරීමට නියමිත රාජකාරි

ස්ථානය

01

සෙනසුරාදා

ව්‍යාපෘති පරික්ෂාව

කොටපොල

02

ඉරිදා

පරිසර කටයුතු පරික්ෂාව

වැලිපිටිය

03

සදුදා

කාර්යාලය

 

04

අගහරුවාදා

කෘෂිකර්ම කමිටුව

කාර්යාලය

05

බදාදා

කාර්යාලය

 

06

බ්‍රහස්පතින්දා

දිවිනැගුම ව්‍යාපෘති පරික්ෂාව

පිටබැද්දර

07

සිකුරාදා

කාර්යාලය/මැතිවරණ රැස්වීම

මාතර/කොළඹ

08

සෙනසුරාදා

රජයේ ව්‍යාපෘති පරික්ෂාව

වැලිගම

09

ඉරිදා

මහජන පැමිණිලි පරික්ෂාව

අකුරැස්ස

10

සදුදා

කාර්යාලය

 

11

අගහරුවාදා

කාර්යාල පරික්ෂාව

අකුරැස්ස

12

බදාදා

කාර්යාලය

 

13

බ්‍රහස්පතින්දා

සමෘද්ධි කටයුතු

අකුරැස්ස

14

සිකුරාදා

ව්‍යාපෘති පරික්ෂාව

මුලටියන

15

සෙනසුරාදා

සංවර්ධන ව්‍යාපෘති පරික්ෂාව

කඹුරුපිටිය

16

ඉරිදා

සංවර්ධන ව්‍යාපෘති පරික්ෂාව

තිහගොඩ

17

සදුදා

කාර්යාලය

 

18

අගහරුවාදා

ජනාධිපතිතුමාගේ රැස්වීම

කොළඹ

19

බදාදා

කාර්යාලය

 

20

බ්‍රහස්පතින්දා

මහජන පැමිණිලි පරික්ෂාව

පිටබැද්දර

21

සිකුරාදා

සංවර්ධන කටයුතු පරික්ෂාව

වැලිගම

22

සෙනසුරාදා

රජයේ සංවර්ධන ව්‍යාපෘති පරික්ෂාව

මාලිම්බඩ

23

ඉරිදා

මහජන පැමිණිලි පරික්ෂාව

අකුරැස්ස

24

සදුදා

කාර්යාලය

 

25

අගහරුවාදා

ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාව

කාර්යාලය

26

බදාදා

කාර්යාලය

 

27

බ්‍රහස්පතින්දා

සංවර්ධන කටයුතු පරික්ෂාව

පිටබැද්දර

28

සිකුරාදා

සංවර්ධන කටයුතු පරික්ෂාව

කොටපොල

29

සෙනසුරාදා

මහජන පැමිණිලි පරික්ෂාව

කිරින්ද පුහුල් වැල්ල

30

ඉරිදා

ව්‍යාපෘති පරික්ෂාව

අතුරලිය