පුවත් සහ සිදුවීම්

Enterprise Sri Lanka loan scheme Matara District progress meeting,DS office , Matara, 2018.08.28  

බිනර පුර පසළොස්වක  පොහෝ දිනය නිමිත්තෙන් ධර්ම දේශනයක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සෑම පුර පසළොස්වක පොහෝ දිනයක් ම නිමිති කරගෙන මාසිකව ධර්ම දේශනාමය පිංකම්...

පුවත් සහ සිදුවීම්

 

“මතින් නිදහස් රටක්” මත්ද්‍රව්‍ය නිවාරණ මාතර දිස්ත්‍රික් සමුළුව පිළබඳව විශේෂ සාකච්ඡාවක්

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ මෙහෙය වීමෙන් ක්‍රියාත්මක කරනු ලබන “මතින් නිදහස් රටක්” මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව පවත්වනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ මාතර දිස්ත්‍රික් සමුළුව අතිගරු ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 30 දින මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ හා මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අතිරේක ලේකම් රෝහණ අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මත්ද්‍රව්‍ය නිවාරණ මාතර දිස්ත්‍රික් සමුළුවට සමගාමීව දිස්ත්‍රික්කය ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට යෝජිත සමස්ත වැඩසටහන සම්බන්ධයෙන් හා සමුළුවේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කෙරිණි.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පරදුව ජිනරතන නායක ස්වාමීන් වහන්සේ, දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් ඒස්.කේ. වැල්ලහේවා මහතා, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ සහකාර ලේකම් වසන්ත ලියනගේ මහතා, දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස්, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, මාතර දිස්ත්‍රික් හමුදා ප්‍රධානීන්, මාතර දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති හා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, මාතර දිස්ත්‍රික් විශේෂ කාර්ය බලකා ප්‍රධානී, මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශිය ලේකම්වරු, මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මාතර මහා නගර සභාව, විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා ප්‍රධානීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි වී සිටියහ.