News & Events

 මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අප්‍රේල් 08 වැනිදා රැස්වේ  මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටු රැස්වීම කමිටුවේ ගරු සභාපති ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 08 වැනිදා ප.ව.2.00 ට මාතර දිස්ත්‍රික්...

ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ථේරවාදී ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර එය යුනෙස්කෝ ලෝක...

මාතර - කොකාවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය ජනපති සුරතින් සිසු අයිතියට .........

 

මාතර කොකාවෙල මධ්‍ය  මහා විද්‍යාලයේ ප්‍රථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම ඊයේ (11) දින අතිගරු ජනාධිපති ‌ෙමෙත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොකාවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී සිදු කෙරිණි.

එම විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරනු ලබන ක්‍රීඩා මණ්ඩපයට මුල්ගල තැබීම ද එහි දී සිදු විය. මෙම ක්‍රීඩා මණ්ඩපය ඉදි කිරීම සඳහා ජනාධිපති අරමුදලෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිත අතර ඊට අදාළව රුපියල් ලක්‍ෂ 25 ක චෙක් පතක් ජනාධිපතිතුමා අතින් විද්‍යාලයේ විදුහල්පතිවරයාට පිරිනමන ලදි.‍


දකුණු පළාත් ආණ්ඩුකාර රන්ජිත් කිර්ති තෙන්නකෝන් මහතා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා, දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන මහතා,  දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය සහ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වයි. වික්‍රමසිරි මහතා, මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා හර්ෂණී ආරියරත්න මහත්මිය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරින්, විද්‍යාලයේ දූ දරුවන් සහ දෙමාපියන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.