News & Events

 මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ජූලි 08 වැනිදා රැස්වේ  මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටු රැස්වීම කමිටුවේ ගරු සම සභාපති වරුන් වන  ගරුකර්මාන්ත හා වාණජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මැතිතුමා සහ ගරු...

වාණිජමය පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ වැඩපිළිවෙල ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දකුණේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ කැණීම් ක්ෂේත්‍රයට අදාළව වාණිජමය පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ වැඩපිළිවෙල ප්‍රතිව්‍යුහගත...

වාණිජමය පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ වැඩපිළිවෙල ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දකුණේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ කැණීම් ක්ෂේත්‍රයට අදාළව වාණිජමය පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ වැඩපිළිවෙල ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. ඒ පිළිබඳව පළාත් මට්ටමින් දීප ව්‍යාප්තව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන අතර දකුණු පළාතේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන මාතර දිස්ත්‍රික් ලේක්ම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) දින මාතර වෙරළ පාරේ ග්‍රෑන්ඩ් නව්රෝ හෝටලයේ දී පැවැත්විණි.

එහි දී නීති විරෝධී ක්‍රියා සඳහා පුපුරණ ද්‍රව්‍ය යොදා ගැනීම සම්බන්ධව නාවික හමුදාවේ ලුතිතන් කමාන්ඩර් (අවි) කේ.ජී.පී.ආර්.සම්පත් මහතා විසින් ද, පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන නීතිමය තත්ත්වයන් පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ (නීති) ඊ.එච්.ආර්.ප්‍රියන්ත මහතා විසින් ද, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වගකීම පිළිබඳව එහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ කැණීම් ඉංජිනේරු ඩී.සජ්ජන ද සිල්වා මහතා විසින් ද, වාණිජ පුපුරණ ද්‍රව්‍ය හඳුන්වා දීම හා ඒ පිළිබඳ නීතිමය තත්ත්වය පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විශේෂ උපදේශක බන්දුල හේරත් මහතා විසින් ද, පිපිරුම් පරීක්ෂණ ක්‍රමවේද පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශිය කැණීම් ඉංජිනේරු යූ.එච්.ටී.ප්‍රියන්ත මහතා විසින් ද, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අනුබද්ධ ආයතනයක් වන GSMB තාක්ෂණ ආයතනය මගින් සිදු කරන පිපිරුම් හා කැණීම් අධීක්ෂණයන්ට අදාළ සේවා සැපයීම සම්බන්ධව එහි ඉංජිනේරු විරාජ් මයාදුන්නේ මහතා විසින් ද දැනුවත් කිරීම සිදු කරන ලදි.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිස්චන්ද්‍ර මහතා, ගාල්ල, මාතර හා හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරු හා දකුණු පළා‌තේ සියලු ම ප්‍රාදේශිය ලේකම්වරු, නාවික හමුදාව, පොලිසිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව වැඩසටහන සංවිධානය කරන ලදි.