News & Events

මාතර දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 1168 දෙනෙකුට රැකියා    රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙලේ දෙවන අදියර යටතේ උපාධි ධාරීන් 16800 දෙනෙකු සඳහා උපාධිධාරී අභ්‍යාසලාභී පත්වීම් ලබා දෙන අතර ඒ...

පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට නව ගොඩනැගිල්ලක් පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අඩුපාඩුවක්ව පැවති ඉඩ පහසුකම් තව දුරටත් පුළුල් කිරීම සඳහා ඉදිකිරීමට යෝජිත නව පස්මහල් පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල තැබීම මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

පිටබැද්දර ප්රාදේශිය ලේකම් කාර්යාලයට නව ගොඩනැගිල්ලක්

පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අඩුපාඩුවක්ව පැවති ඉඩ පහසුකම් තව දුරටත් පුළුල් කිරීම සඳහා ඉදිකිරීමට යෝජිත නව පස්මහල් පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල තැබීම මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කරන ලදි.

 අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයයි.

මෙයට සමගාමීව පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් ඉඩම් හිමිකම් බලපත්‍ර ලබාදීම ද සිදු කෙරිණි. ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා හා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.